සමාන අවස්ථා නිර්මාණය කිරීමේ මානුෂීය ක්‍රියාව

අපගේ මෙහෙවර ඔවුන්ගේ සංස්කෘතිය, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා පුද්ගලයින්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ
ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.

අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය

අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පුද්ගලයින්ට සහාය වන ව්‍යාපෘති ආරම්භ කිරීම

ජාත්‍යන්තර ආධාර

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මානව ආධාර පදනම් සමග එක්වී කටයුතු කිරීම

අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහිධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

අපගේ නවතම මානුෂීය මෙහෙවර

post-image

XM සහ Red Cross SG සංක්‍රමණික සේවකයින් බල ගන්වයි

පළ කළ දිනය: 21/05/2024 14:17 GMT

මෑතකදී සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය සමග එක්ව සිංගප්පූරුවේ XM ආයතනය එහි සංක්‍රමණික ගෘහ සේවකයින් සඳහා ක්‍රීඩා කටයුතු සවිබල ගැන්වීමේ අවස්ථාවක් සංවිධානය කරන ලද අතර 2024 අප්‍රේල් 7 වන දින පවත්වන ලද මෙම කටයුත්ත Cage Kallang හි දී සංක්‍රමණික රැකබලාගන්නන් 21 දෙනෙකු සඳහා ක්‍රීඩා ක්‍රියාකාරකම් සමග විනෝදය පිරි දිනක් සපයන ලදි. සංක්‍රමණික සේවකයින්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්මට සහාය වීම සඳහා සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය දරන උත්සාහයේ කොටසක් වූ මෙම ප්‍රයත්නයට ක්‍රිකට් සහ පාපන්දු වැනි ක්‍රීඩා ඇතුළත් විය. මීට අමතරව, මෙම ගෘහ [..]

post-image

ලොම්බොක්හි ළමුන්ට XM සහාය වෙයි

පළ කළ දිනය: 26/04/2024 16:27 GMT

XM ඉන්දුනීසියා Peduli Anak පදනම සමග සහයෝගීතාවකින් බටහිර නුසා ටෙන්ගරාහි ලොම්බොක් ප්‍රදේශයේ වැසියන්ට බලාපොරොත්තු ගෙන එන ලදි. 2024 මාර්තු 19 වන දින ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා වන අපගේ කැපවීම යළිත් තහවුරු කරමින් කලාපයේ අවම වරප්‍රසාද ලත් ළමුන් නඟා සිටුවීම සඳහා Peduli Anak සමග අත්වැල් බැඳගත්තෙමු. Peduli Anak පදනම බටහිර නුසා ටෙන්ගරාහි අවම වරප්‍රසාද ලත් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය රැකවරණය, අධ්‍යාපනය සහ සහාය ලබා දෙමින් වටිනා සේවයක් සලසයි. ඔවුන්ගේ මෙහෙවර වන්නේ දරිද්‍රතාව තුරන් කර ළමුන්ගේ දීප්තිමත් අනාගතයකට මග පෑදීමයි. අපගේ ඒකාබද්ධ [..]

post-image

අපි පකිස්ථානයේ ආහාර පරිත්‍යාගයක් සිදු කළෙමු

පළ කළ දිනය: 24/04/2024 14:14 GMT

‘Rizq’ පුණ්‍යායතනය සමග එක්ව ග්‍රාමීය ප්‍රදේශවල අවශ්‍යතා ඇති පුද්ගලයින්ට රාමදාන් මාසයේ ආශිර්වාද බෙදා හරිමින් අපි සලාක පැකේජ පරිත්‍යාග කළෙමු. පකිස්ථානයේ මිලියන 20කට අධික පුද්ගලයින්ට සහාය අවශ්‍ය කෙරෙන අතර බොහෝ පවුල් සහ පුද්ගලයින්ට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර සඳහා දෛනික ප්‍රවේශයක් නොමැත. කුසගින්න සහ මන්දපෝෂණය සෞඛ්‍යයට සහ දරුවන්ගේ වර්ධනයට බලපෑම් ඇති කරනවා පමණක් නොව එය ඉගෙනීමට, වැඩ කිරීමට සහ දරිද්‍රතාව තුරන් කිරීමද අපහසු කරයි. අපගේ ආහාර පරිත්‍යාගය සමග අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ සෞඛ්‍යයට සහ අනාගතයට සහාය විය හැකි අතර රාමදාන් අවසානයේ සාම්ප්‍රදායික ඊද් උදෑසන [..]

post-image

XM “Charity Right” සමග අත්වැල් බැඳගනියි

පළ කළ දිනය: 23/04/2024 15:12 GMT

සම්පත් සහ ප්‍රවීණත්වය උපයෝගී කර ගනිමින් XM විසින් සෙලන්ගෝවේ Kalumpang හි ආබාධිත සිසුන් සවිබල ගැන්වීම සඳහා Charity Right Malaysia සමග එක්විය. රාමදාන් සමයේ ආයතනික සමාජ වගකීම් යටතේ, මෙම කටයුත්ත ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට XM හි කැපවීම අවධාරණය කරයි. හවුල්කාරීත්වය හරහා XM විසින් රාමදාන් සමයේදී ආබාධිත සිසුන්ට අත්‍යාවශ්‍ය වියළි ආහාර සැපයුම් ලබා දීම සිදු කරන ලදි. පෝෂ්‍යදායී ආහාර සඳහා ප්‍රවේශය සහතික කිරීම මගින් මිනිසුන් සවිබල ගැන්වීමේ Charity Right හි මූලික මෙහෙවර පිළිබිඹු කරමින් මෙම සිසුන්ගේ කුසගින්න තුරන් කිරීම සහ [..]

post-image

XM සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය හා එක්වෙයි

පළ කළ දිනය: 23/04/2024 12:36 GMT

මානුෂීය ක්‍රියාකාරකම්වල යෙදෙන XM හට වසර දෙකක් පුරාවට පුණ්‍ය කටයුතුවල අපගේ දිගුකාලීන හවුල්කරුවා වන සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානයේ මූලස්ථානයට පැමිණීමේ වරප්‍රසාදය පසුගියදා හිමි විය. මෙම සංචාරයේ අරමුණ වූයේ සබඳතා ශක්තිමත් කර ගැනීම, ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සහ සංවිධානයේ කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි. 1949 දී පිහිටුවන ලද සිංගප්පූරු රතු කුරුස සංවිධානය මානව දුක් වේදනාවලට සහනය සලසමින් හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා කැපවූ ස්වදේශීය මානුෂීය සංවිධානයකි. ඔවුන් රුධිරය පරිත්‍යාග කිරීම, ආබාධිත සහ වැඩිහිටියන් සඳහා ආධාර කිරීම සහ ප්‍රජා ප්‍රථමාධාර ඇතුළු [..]

post-image

අපි වියට්නාමයේ දී පොත් පරිත්‍යාගයක් සිදු කළෙමු

පළ කළ දිනය: 22/04/2024 13:51 GMT

“Bookcases for Kids” ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා අපි අවම වරප්‍රසාදලත් උස්බිම් ප්‍රදේශවල ළමුන්ට අධ්‍යාපනය ලබා දෙන Nghe An පළාතේ Ky Son දිස්ත්‍රික්කයේ ප්‍රාථමික සහ ද්විතීයික පාසල් 10කට පොත් පරිත්‍යාග කළෙමු. මෙම පොත් පන්ති කාමර 10ක පොත් රාක්ක පිරවූ අතර සිසුන් කියවීම සඳහා දිරිගන්වන අතරතුර ගුරුවරුන් සමග දිනපතා කියවීමේ සැසි සඳහා ද පහසුකම් සැලසීය. කියවීමෙන් දැනුම ලැබීම පමණක් නොව දරුවන්ව ගවේෂණය කිරීමට සහ සිහින දැකීමට යොමු කරවයි. ලාබාලතම සිසුන් සඳහා ලබා දුන් වර්ණවත් සහ ස්පර්ශක පොත් ලොව පිළිබඳ ඔවුන්ගේ සංජානනය වැඩිදියුණු [..]

post-image

XM හි රාමසාන් ඉෆ්තාර් සහාය

පළ කළ දිනය: 16/04/2024 15:08 GMT

දයානුකම්පාවෙන් සහ සහයෝගයෙන් යුතුව XM විසින් ශුද්ධ වූ මාසය තුළ අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා රාමසාන් ඉෆ්තාර් වැඩසටහන මෑතකදී දියත් කරන ලදි. මෙම ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නය හරහා දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයින්ට සහ පවුල්වලට සතුට සහ සහනය ගෙන ඒම XM හි අරමුණයි. මොරොක්කෝවේ කැසබ්ලන්කාහි පිළිගත් සංවිධානයක් වන Association Bab Rayan සමග සහයෝගීතාවෙන් XM විසින් අනාථ දරුවන් සහ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා පෝෂ්‍යදායී ඉෆ්තාර් ආහාර සැපයීම සඳහා ඩොලර් 2,000ක පරිත්‍යාගයක් සහතික වී ඇත. මෙම කාර්යය මගින් ප්‍රජාවන් තුළ ධනාත්මක [..]

post-image

XM සහ Human Initiative විපතට පත්වූවන්ට සහාය වෙයි

පළ කළ දිනය: 15/04/2024 14:50 GMT

Human Initiative සංවිධානය හා සහයෝගීතාවක් සමගින් යුතුව මනුෂ්‍යත්වයට ළඟා කරගත හැක්‌කේ කුමක්ද යන්න ආඩම්බරයෙන් යුතුව පෙන්වීමට XM ඩෙන්මාර්කයේ වෙසෙන ගංවතුරෙන් පීඩාවට පත්වූවන්‌ට උපකාර කිරීමට ඉදිරිපත් විය. පෙබරවාරි මස මුල ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයට අපි ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් උණුසුම් ආහාර පාර්සල දෙසියයකට වැඩියෙන් සහ ජල ගැලුම් විශාල ප්‍රමාණයක් මෙන්ම අනෙකුත් මුළුතැන්ගේ සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ලබා දුන්නෙමු. අප විසින් පරිත්‍යාග කරන ලද මෙම භාණ්ඩ මෙම ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට සහාය වීමට නිසැකවම උපකාරී වනු ඇත. මෑතකාලීන සිදුවීම් සහ අවශ්‍යතා මත පදනම්ව [..]

post-image

XM වියට්නාමයේ පාසලකට තාක්ෂණික අංශයෙන් සහාය සපයයි

පළ කළ දිනය: 19/03/2024 15:17 GMT

2023 දෙසැම්බර් 20 වන දින Nuôi Em ව්‍යාපෘතිය සමග සහයෝගීතාවෙන් XM වියට්නාමයේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ තාක්ෂණික පෙරලියක් සිදු කරන ලදි. පරිගණක 15ක් බෙදා දීම හරහා අපි වියට්නාමයේ සොන් ලා හි සිසුන් තාක්ෂණය සමග සම්බන්ධ කළෙමු. Chieng Chung පාසලේ අප සිදු කළ සංචාරය අතරතුර ප්‍රදේශයේ සිසුන් මුහුණ දෙන ගැටලු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපි විදුහල්පති සහ ගුරුවරුන් සමග සාකච්ඡා කළෙමු. එසේම අප කණ්ඩායම පරිගණකවලට අදාළ මූලික කරුණු කියාදෙමින් සහ නව උපකරණ සමග ප්‍රායෝගික අත්දැකීම ලබාදෙමින් සක්‍රියව සිසුන් සවිබල ගැන්වීමට කටයුතු කළහ. [..]

post-image

XM ඊජිප්තුවේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාර වෙයි

පළ කළ දිනය: 23/02/2024 14:31 GMT

2024 ජනවාරි 3 අධ්‍යාපනය තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව XM කයිරෝහි ඇති පුණ්‍යායතනයක් වන ‘Haya Karima’ වෙත දායකත්වය දක්වන ලදි. අපගේ පරිත්‍යාගය වරප්‍රසාද නොලත් ළමුන්ට වැඩි සාක්ෂරතාවක් ලබා දෙමින් අධ්‍යාපන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ප්‍රමාණවත් පාසල් කාර්ය මණ්ඩලයක් සහතික කිරීමටත් උපකාර විය. Haya Karima පිළිබඳ: ‘Haya Karima’ (යහපත් ජීවිතය) යනු 2019 ඔක්තෝබර් 22 දින පිහිටුවන ලද ජාතික මුලපිරීමකි. මෙම සංවිධානයෙන් ඊජිප්තු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා සිය අභිමානය පවත්වා ගනිමින් යහපත් ජීවිතයක් සඳහා ඇති අයිතිය තහවුරු කිරීම අරමුණු [..]

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.